දෙදෙනෙකුට මරුකැදවා 43කට තුවාල සිදුකළ රත්නපුරේ බස් රථ අනතුරේ රියදුරු සහ රිය සහයක රිමාන්ඩ්
රත්නපුර – පතුල්පාන ප්‍රදේශයේදී අද අළුයම අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ රිය සහායක ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය පදවා ඇත්තේ රිය සහායකවරයා විසින් බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති බවට ද මේ වන විට හෙලි වී ඇති බව සඳහන්.ඔහුගේ නොසැලකිල්ල අනතුරට හේතුව බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් බස් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක මිය ගොස් තවත් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලැබුවා. අනතතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්.