ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

STF අත්අඩංගුවටපත්වු UNP මන්ත්‍රීගේ නිවසේ ජීවඋණ්ඩ හා වෙඩි නොවදින ඇඳුමක්.

දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  රන්දීර් රොද්රිගු මහතාගේ නිවසේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115ක් වෙඩි නොවදින කබායක් සහ පිස්තෝල රඳවනයක් ද ඔහුගේ නිවසේ තිබී මෙලෙස සොයාගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් රන්දීර් රොද්රිගූ මහතාගේ බිරිද ද අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
 ඊයේ(23) දහවල් දිවුලපිටිය හේනගෙදර ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
 කොල්ලකෑමක් සදහා වෑන් රථයකින් පුද්ගලයින් පිරිසක් පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ වෑන් රථය පරික්ෂා කිරීමට යාමේ දී කොල්ලකරුවන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකායට වෙඩි තබා තිබේ.
එහිදී පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් කුෂාන් තක්ෂිල කුරේ නැමති තිස් පස් හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.