ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් අහෝසි කරන්නැයි අන්තිම කැමති පත්‍රයද ලීයා මව්පියන් මාරාන්තික උපවාසයට..!

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බල කරමින් ලබන මස 6 වැනිදා සිට මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කිරීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපිය සංවිධානය තීරණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම දෙමවුපියන් තම අන්තිම කැමති පත්‍රයද ලීයාතබා උපවාසය සදහා වාඩිවීමට තීරණය කිරීමයි. උපවාසය කොළඹදී පැවැත්වෙන අතර ස්‌ථානය පසුව ප්‍රසිද්ධ කරන බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිමල් කුමාරසිරි මහතා පැවැසීය.

මේ අතර සයිටම් අහෝසි කරන්නැයි ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමවුපියන් ආරම්භ කරන මෙම මාරාන්තික උපවාසය පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා ලබන 29 වැනිදා නුගේගොඩදී සමුළුවක්‌ පැවැත්වීමටද සයිටම් විරෝධී ජන පවුර සංවිධානය සැලසුම් කර ඇත.

උපවාසයට එක්‌වීමට දෙමවුපියෝ දෙසිය පනස්‌ දෙනකු පමණ සූදානමින් සිටින බවක්‌ හෙතෙම කීවේය. වෛද්‍ය පීඨ අටේම ශිෂ්‍යයන් නියෝජනය කරමින් දිස්‌ත්‍රික්‌ක 18 ක දෙමවුපියෝ විශාල පිරිසක්‌ මෙම සංවිධානයට එක්‌ව සිටිති.