ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෘත්තීය සමිතියක ලක‍ෂ 39 ක් සොරාකෑ මහින්දානන්දගේ නඩුවට දින නියම කරයි

වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක‍ෂ 39 ක මුදලක්  සාවධ්‍ය පරිහරණය කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා   පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 29 හා දෙසැම්බර් 11 වැනි දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (15) තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියකට අදාළව ඔහුට එරෙහි නඩුවක් අද(15) කැඳවූ අවස්ථාවේදීයි.මෙම නඩුවට අදාළව නීතිපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ  අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ වෙනත් අධිකරණ   බලප්‍රදේශයක වන හෙයින් මෙම අධිකරණයට මෙම නඩුව විභාග කිරීමට බලයක් නොමැති බවට මහින්දානන්ද අළුත්ගමගේ  මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනසුරුවරයා මෙම නඩුව අදාළ දිනවල විභාග කිරීමට තීරණය කළේය.