ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද පිලේ වයඹ ඇමැති ඉවතට – අලුත් ඇමැති පියසිරි රාමනායක

වයඹ පළාත් සමුපාකාර සංවර්ධන,  වෙළද, ඉඩම්, විදුලි බල හා බලශක්ති, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු, කලා කටයුතු  සහ තොරතුරු තාක්ෂණ ඇමතිවරයා ලෙස පියසිරි රාමනායක මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත. කොළඹ ජනාධිපති මන්දිරයේදී වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදුවූ බව සඳහන්.

මෙම ඇමති ධූරයන් මීට පෙර දරන ලද්දේ මහින්ද පිල නියෝජනය කල සන්ධ්‍යා කුමාර රජපක්ෂ මහතා විසිනි. මෙම ඇමති ධුරයට අමතරව සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා වයඹ පළාත් අධ්‍යාපන ඇමති ධූරයද දරන ලද අතර, අධ්‍යාපන ඇමති ධූරය වයඹ ප්‍රධාන ඇමති ධර්මසිරි දහනායක මහතා යටතට පත් කර ඇත.