‘අද පාර්ලිමේන්තුවට පොඩි දරුවෙක්වත් ගෙනියන්න බෑ‘ – අස්ගිරි මහ නාහිමි
“ඉතාම ගෞරවනීය ස්ථානයක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. ඒකෙ අද තත්ත්වය දිහා බලන කොට හැදෙන පොඩි දරුවෙක්වත් පාර්ලිමේන්තුව පෙන්වන්න ගෙනියන්න එපා කියන මට්ටමට බොහොම ජරා ජීර්ණය වු ස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා‘‘ යැයි මහියංගණ රජ මහා විහාරස්ථානය මගින් ඉදි කරනු ලැබු වෘත්තිය පුහුණ මධ්‍යස්ථානය අද(15) විවෘත කරමින් වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ පැවසූහ.
“ භික්ෂුන් වහන්සේලා කියන්නේ අපේ මුරදේවතාවෝ කියලයි අපේ ඉතිහාසයේ සදහන් වෙන්නේ. මෑත කාලේ සිහිවිකල් වෙච්ච සමහර ඇමැතිවරු භික්ෂූන් වහන්සේලාට අපහාස වෙන විදියට චීවර ධාරිහු කියලා අපහාස කරනවා. රට හදන තැනින් ඒ වගේ ප්‍රකාශ නිකුත් විම මම හිතනවා ජාතියට කරන විශාල අපරාධයක්. එවැනි අපරාධ කරන්නට එපා. බෞද්ධ රටක් විදියට මේ රට මෙතෙක් ආරක්ෂා වුණ විදියට තවදුරටත් ආරක්ෂා වෙන්නට ඕන“ යැයි අසිගිරි නායක හිමියෝ වැඩි දුරටත් අනුශාසනා කළහ.