දිස්ත්රික්ක 3කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්.
ප්රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 3කට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට අනතුරු ඇගවීම බලපැවැත්වෙනු ඇති. පසුගිය පැය 24ක කාලය තුළ මිලි මීටර 75 ඉක්මවා එම ප්රදේශවලට වැසි ඇඳහැලී ඇති බවයි වාර්තා වන්නේ.