ජනාධිපති කොමිසමේ නිල කාලය අවසන් – දීර්ඝ කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලයි
බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය අදින් අවසන් වනවා. කොමිසමේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කරන ලෙසට තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේ.ජනාධිපතිවරයාගේ තීරණය අද දිනයේදී හෝ හෙට දිනයේ දී කොමිසමට ලැබෙනු ඇති බව හෙතෙම කියා සිටියා.
බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටවනු ලැබුවේ පසුගිය රජය සමයේ සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම සඳහායි. එම කොමිසමට මේ වන විට පැමිණිලි 2000 කට ආසන්න ප්රමාණයක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 400ක විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. පැමිණිලි 17ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති අතර එහි වාර්තා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන්. එමෙන්ම විමර්ශනය කර අවසන් කළ තවත් පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වූ වාර්තා මේ වනවිට සකස් කරමින් පවතිනවා.