ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනරාල් ජයසූරියට නඩු දැමීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව මූදෙන් එගොඩ ප්‍රශ්නයක් – මෛත්‍රී

“ජනරාල් ජගත් ජයසූරියට නඩු පවරනු ලැබීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව එය මුහුදින් එතෙර ප්‍රශ්නයක්” යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය දරන ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ  ඊයේ (03) කොළඹ කැම්බල් පිටියේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වෙනි සංවත්සරය අමතමිනි.

එමෙන්ම හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරියට පමණක් නොව රටේ කිසිවකුට අත තියන්නට ඉඩ නොතබන බවද පැවසීහ.  “එය මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.කිසිම හමුදාපතිවරයකුට හෝ රණ විරුවකුට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා සහ ඊට මුහුණදුන් ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිලි කළා. සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.