ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

විජයදාසගේ ඉරනම අද රෑ ජනපති-අගමැති හමුවේදී තීන්දුවෙයි

මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර අද(21) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි පවසයි. අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට විජයදාස රාජපක්ෂ මහතා සහභාගී නොවූ බවද වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී අගමැතිවරයා එජාප මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ජනපති සමග සාකච්ඡා කර විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බවයි.

ඇමැතිධූරයෙන් ඉවත්වීමට රාජපක්ෂ මහතාට සඳුදා(21) දක්වා කල් ලබාදී තිබුණද ඔහු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකොට තීන්දුවක් ගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ.