ප්රශ්නපත්ර පිටකල ටියුෂන් ගුරාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට
ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් අසල දී උසස් පෙළ රසායන විද්යාව ප්රශ්න පත්රයේ ඇතුළත්ව තිබූ ප්රශ්න දෙකක් මුද්රණය කර බෙදූ ටියුෂන් ගුරුවරයාගේ පියා සහ සොයුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් වන පිය පුතු දෙපළ පදිංචිව සිටි කඳාන නිවසේ දී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන් හෙට (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ ගුරුවරයා මේ වනවිටත් අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ක්රියාත්මක බව පොලිසිය පවසයි.
සැකකාර ගුරුවරයා විසින් ඔහුගේ ටැබ් පරිඝණක යන්ත්රයෙන් අදාළ අත් පත්රිකාව මුද්රණය සඳහා සිය සහෝදරයා වෙත යොමු කර තිබේ. (19) දින පැවති රසායන විද්ය ප්රශ්න පත්රයේ දෙවන කොටසේ ප්රශ්න කිහිපයක් තම සම්මන්ත්රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින් උපකාර පංති ගුරුවරයෙකු ගම්පහ ප්රදේශයේ විභාග මධ්යස්ථානයක් ඉදිරිපිට අත්පත්රිකා බෙදාහැරීමක් සිදුකර තිබුණි.