ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

2017 ඡන්ද හිමි ලේඛනයේ නම නොමැති නම් වහාම දැනුම් දෙන්න – මහින්ද දේශප්‍රිය

2017 ඡන්ද හිමි නාමලේඛනය තුළ තම නම ඇතුළත් වී නොමැති නම් වහාම මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ප්‍රදේශ රැසක ඡන්දය සඳහා ලියාපදිංචි වීමේ අඩුවක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට සංශෝධිත නාමලේඛනය මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවයි.මෙම කෙටුම්පත මැතිවරණ කොමිෂන් සභාවේ  http://www.slelections.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කෙරේ.

මීට අමතරව 2016 ඡන්ද හිමි නාමලේඛනය ඉන් ඉවත් කෙරෙන නම් සහ අලුතින් ඇතුළත් කෙරෙන නම් පිළිබඳ විස්තර අදාළ ග්‍රාම නිලධාරී කාර්යාල වලදී පරීක්ෂා කළ හැකිය.

තවද කොළඹ නගරය, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු නාගරික හා අර්ධ නාගරික බොහෝ ප්‍රදේශයන්හි ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීමේ යම් අඩුවීමක් නිරීක්ෂණය වන බැවින් 2017 ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් වී ඇත්දැයි ජනතාවටනිසැක වන ලෙසත් ඉදිරි ඡන්ද විමසීම් වලදී ඡන්ද භාවිතා කළ හැක්කේ 2017 නාම­ලේ­ඛ­නයේ නම් ඇතු­ළත් තැනැ­ත්තන්ට පම­ණක් බවත් මැති­ව­රණ කොමි­ෂන් සභාව දන්වා සිටි.

යම් හෙය­කින් තමන්ගේ නම 2017 ඡන්ද හිමි නාම­ලේ­ඛ­න­යට ඇතු­ළත්ව නොමැති නම් වහාම අදාළ මැති­ව­රණ කාර්යා­ල­ව­ලට දැනු­ම්දී­මට කට­යුතු කරන ලෙස මැති­ව­රණ කොමි­ෂන් සභාව වයස අවු­රුදු 18ට වැඩි සිය­ලුම පුර­වැ­සි­ය­න්ගෙන් ඉල්ලා සිටී.