තාජුඞීන් ඝාතනය: යෝෂිත රාජපක්ෂ CIDට පැමිණෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) උදේ පැමිණියා. ඒ, රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ ප‍්‍රශ්න කිරීමක් සඳහායි. රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ එම කැඳවීම සිදුකර ඇති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.