ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශිරන්තිගේ නීතිඥයන් CIDයට බලෙන් රිංගන්න හදලා

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව වෙත කැඳවා තිබූ අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව තුළට ඇතුල්විමට අවසර තිබුණේ ඇයට පමණක් වුවත් ඇය සමඟ පැමිණි නීතිඥවරුන් හතළිහක පමණ පිරිසක් ඇතුළු කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ දොරටුවෙන් බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සහදරා තිබේ. එය පාලනය කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි දැඩි ආරක්ෂා සහිත ස්ථානයකට ඇතුල්කරගන්නා පුද්ගලයින් පරීක්ෂා කර බලා දැඩි නීතිරීති අනුගමනය කරන්නා වූ ස්ථානයක් වුවත් එම තත්ත්වය දැන දැනම නීතිය හොඳින් දන්නා බව කියන මෙම පිරිස එසේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක් බව රහස් පොලිස් නිලධාරීහු පවසති.