“මගේ පවුලම අත්අඩංගුවට ගැනීමේ සූදානමක්“ – නාමල් රාජපක්ෂ
රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිම සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ සිය අත්වල ලේ ගෑවී නොමැති බවත්, කිසිවිටෙකත් සිය පවුල වංචා හෝ දූෂණ සිදු කර නොමැති බවත් ආණ්ඩුවට එල්ල වී ඇති ජනතා විවේචන වෙනත් අතකට යොමුකිරීම සඳහා ආණ්ඩුව නැවතත් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මර්දනය ආරම්භ කර ඇති බවයි.
එසේම ආණ්ඩුවට දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍යනම් රාජපක්ෂ පවුලේ දේශපාලනය කළ පුද්ගලයන්ගේ පළිගන්නා ලෙසත්, දේශපාලනය නොකළ පුද්ගලයන්ගෙන් පළිගැනීම් නතර කරන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කරයි. “රාජපක්ෂවරුවන්ගේන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම යහපාලනය නොවෙයි”
කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනයට අදාළව සිදු කළ පරීක්ෂණවලදී සිරිලිය සවිය සංවිධානයට අයත් ඩිෆෙන්ඩරයක් හමුවූ අතර ඒ පිළිබඳව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ එම ඩිෆෙන්ඩර රතු කුරුස සංවිධානය විසින් සමාජසේවා අමාත්‍යාංශයට ලැබුණු ඩිෆෙන්ඩරයක් බවය. එම අමාත්‍යාංශය මගින් සිරිලිය සවිය සංවිධානය වෙත ලබා දී තිබී ඇති අතර පසුව එය යෝෂිත රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා යොදාගෙන ඇත. එම ඩිෆෙන්ඩරයේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත්, වරින් වර එහි වර්ණය වෙනස් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල පරීක්ෂණවලදී අනාවරණය විය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින්,
