වෛද්ය සභාවේ සභාපතිවරයා ලෙස ළමාබදුසූරිය පත්කිරීමේ යෝජනාවට වෛද්ය සංගම් කියයි
ශ්රී ලංකා වෛද්ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත්කිරීමේ යෝජනාවට විරෝධය එල්ල වී ඇත. සෞඛ්ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් මෙම යෝජනාව ඉදිරපත්කර ඇති අතර රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය සයිටම් හිතවාදියකු වන නිසා ඔහුගේ පත් කිරීමට දැඩි විරෝධය දක්වන බවයි.
තවදුරටත් එම තනතුරේ රැදී සිටින ලෙස වෛද්ය සංගම් නිලධාරින් විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් ඉල්ලීමක් කළද එය බාරගැනීමට අකමැත්ත පළ කළ නිසා ඇතිවූ පුරප්පාඩුවට මහාචාර්ය ලලිතා මෙන්ඩිස් , වෛද්ය පාලිත අබේකෝන්, මහාචාර්ය කොල්වින් ගුණරත්න යන මහත්වරුන්ගේ නම් මීට පෙර යෝජනා කරන ලදී. එහෙත් ඔවුන්ද එම තනතුර බාරගන්නට අකමැත්ත පළ කරන ලද බැවින් මෙම වගකීම භාරගැනීම සම්බන්ධ ප්රශ්නයක් පැන නැගී ඇත.