තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගතයුතුයි – ජාතික වෘත්තීය සමිති මධ්යථානය
වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්යථානය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (27) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්විණි.
තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගැනීමට බලකරමින් පැවති මෙම විරෝධතාවය සඳහා ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත මහතා, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා, ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා, ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් ගණනාවක් ඊට එක්වී සිටියහ.