අනුර සේනානායක සියල්ල හෙළි කිරීමට සැරසෙයි – රාජපක්ෂ පවුල කැළඹෙයි
තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්යෙ පොලිස්පති අනුර සේනානායක ඒ සම්බන්ධයෙන් විශේෂ ප්රරකාශයක් කිරීමට සූදානම් වෙයි. රහස් පොලීසියේ අධ්යනක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම් දී ඇත. ඊයේ(26) කොළඹ අතිරේක මහේස්ත්රාමත් නිශාන්ති පීරිස් මහතා වෙත රහස් පොලීසිය විසින් මේ බව වාර්තා කර ඇති අතර අධිකරණයෙන් ඊට අවසර ලැබී ඇත.
අනුර සේනානායක විසින් රහස් පොලීසිය හමුවේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් විශේෂ ප්රරකාශයක් කිරීමට සූදානම් වීමත් සමග රාජපක්ෂ පවුල තුල දැඩි කැළඹිලිකාරී තත්ත්වයත් හටගෙන ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම රගර් ක්රීිඩක තාජුඩීන් ඝාතනයට යොදාගත් බව කියන ඩිෆෙන්ඩර් රථය ශිරන්ති රාජපක්ෂට අයත් ‘සිරිලිය සවිය‘ නැමැති සංවිධානය භාවිතා කළ එකක් වන අතර ඝාතනය සිදුවූ දින ජනාධිපති මන්දිරය හා තංගල්ල කාල්ටන් නිවස යන ස්ථාන වලින් නාරාහේන්පිට පොලීසියට දුරකතන ඇමතුම් ලබාගෙන තිබීමත් යන හේතු මත මෙම ඝාතනයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ප්රතබල සමාජ මතයක් ගොඩනැගී ඇත.
මීට අමතරව තාජුඩීන්ගේ අවමංගල්යව උත්සවයට විදේශගතව සිට පැමිණි ඔහුගේ සහෝදරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද නාරාහේම්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගෙන් ප්රිකාශයක් ගැනීමටද අධිකරණය අවසර ලබා දී ඇත.