ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

උගන්ඩාවේ යාත්‍රාවක් අනතුරට පත් වීමෙන් 30දෙනෙක් මරුට

උගන්ඩාවේ යාත්‍රාවක් අනතුරට පත් වීමෙන් එරට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයින් ඇතුළු තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලේක් ඇල්බර්ට් ජලාශය හරහා යාත්‍රා කරමින් සිටියදී අනතුර සිදු ව ඇති බව ත් එම අවස්ථාවේ යාත්‍රාවේ පමණට වඩා මගීන් සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇති බවත් ය.

යාත්‍රාවේ එක් පසක් වැඩි පිරිසක් ගමන් කිරීම නිසා සමබරතාවය ගිලිහී ගොස් යානය අනතුරට ලක්ව ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අනතුරින් පසු මළ සිරුර 9ක් සොයා ගෙන ඇති අතර පුද්ගලයින් 15 දෙනෙක් සහන කණ්ඩායම් විසින් බේරා ගනු ලැබ තිබේ.

උගන්ඩා පොලීසිය පවසා ඇත්තේ, අනතුර සිදු වන අවස්ථාවේ එහි සිටි වැඩි පිරිසක් බීමත්ව සිට ඇති බව ය. පසුගිය නොවැම්බර් ලේක් ඇල්බර්ට් ජලාශයේ ගිලී පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අප්‍රිකානු කලාපය සැලකෙන්නේ, යාත්‍රා අනතුරු තරමක් බහුල ප්‍රදේශයක් ලෙසිනි.