ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රත්නසිරි වික්‍රමනායක මහතා දිවියෙන් සමුගනී

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ශ්වසන ආබාධයක් හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1933 මැයි මස 05 දින උපත ලද ඔහු  2000 සිට 2001 දක්වා සහ යළි 2005 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය හෙබවීය. වික්‍රමනායක පළමුවෙන් අග්‍රාමාත්‍ය තනතුර හෙබවූයේ 2000 අගෝස්තු මස සිට 2001 දෙසැම්බර් මස දක්වාය. වයස අවුරුදු 84 ක් වත්ම සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීම සමගම ඇය වෙනුවට චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිව සිටි කාලයේ  ඔහු පත් විය.

ඔහු, පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි (ශ්‍රීලනිප) ජ්‍යෙෂ්ඨ උප-සභාපති වරයෙක් විය. 2005 නොවැම්බර් 21 දිනදී, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වික්‍රමනායක දෙවන වරට දිවුරුම් දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේය.