ජපුර රෝහලේ ගිලන් රථයෙන් මලමිනී අදියි
මීට මාසයකට පමණ පෙර හදිසි අනතුරකට ලක්ව ප්රතිකාර ලබමින් සිටි රෝගියෙකු අද (23) උදෑසන 7.30ට පමණ මිය ගොස් ඇති අතර එම මල සිරුර හදිසි මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහල වෙත රැගෙන යෑම සඳහා ගිලන් රථයක් යොදාගත් බව ශ්රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වේ. මෙසේ ගිලන් රථයක් මගින් මල සිරුරක් ප්රවාහනය කිරීම තහනම් වන අතර ඒ බව දැන දැනම නියෝජ්ය අධ්යක්ෂ සන්තුෂා ප්රනාන්දු මහත්මිය ඒ සඳහා තම අනුමැති දී තිබේ. විශේෂයෙන්ම ඒ සඳහා අනුමැති දුන් ලිපියට ඇය අත්සන් තබා ඇත්තේ මල සිරුරක් ප්රවාහනය කිරීම සඳහා යන්න සඳහන් කරමින්ය. රෝහල් කාර්ය මණ්ඩලය මෙම නීති විරෝධී ක්රියාවට විරෝධය පල කර ඇති අතර එම විරෝධය නොතකා නියෝජ්ය අධ්යක්ෂවරිය ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. මෙහි තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ උදෑසන 7.30ට පමණ මිය ගිය රෝගියාගේ සිරුර කළුබෝවිල රෝහල වෙත රැගෙන යන විට සවස 05 පමණ වී තිබිණි. මෙම කාර්ය සඳහා මැදිහත් වූ නියෝජ්ය අධ්යක්ෂක සන්තුෂා ප්රනාන්දු යනු හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ඔස්ටින් ප්රනාන්දු මහතාගේ දියණියයි.