ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උඩුවේ හිමිගෙ ඇලන් මැතිනියාරාමේ නොතීසි අලවයි

අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන නඩුවකට අධිකරණයේ පෙනී සිටින ලෙස ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි බාර දීමට ගියත් ඒ හිමියන් නොසිටි බව පිස්කල්වරු අද කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මියට දැනුම් දුන්හ. එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඇලන් මැතිනියාරාමය අවට නොතීසි අලවන ලෙස නියෝග කළාය.

අධික ශබ්දය නිසා තමන් පීඩාවට පත් වන බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කැරුණු නඩුවක දී එම  නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ජනවාරි තුන් වැනිදාට කල් තැබුවාය.