ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මහින්ද- රනිල් පාර්ලිමේන්තුවේදී රහස් හමුවක..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසක් අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක නිරතව සිටි ඇති අතර එම සාකච්ඡාව ආරම්භ වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

පැය එකහමාරකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම සකච්ඡාව සඳහා මහින්ද පිලේ කිසිදු මන්ත්‍රීවරයෙකු හෝසම්බන්ධ කරගෙන  නැති අතර ඔවුන්ට මදක් එළියට වී ඉන්නා ලෙස දන්වා රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේ නිරතව තිබීම විශේෂත්වයකි.

පැය එකහමාරකට පමණ පසු ඔවුන් දෙදෙනා ඉන් පිටතට පැමිණ ඇති අතර පසුව දිනේෂ් ගුණවර්ධණ, බන්දුල ගුණවර්ධණ, විදුර වික්‍රමණායක, ලොහාන් රත්වත්ත, ෂෙහාන් සේමසිංහ ඇතුළු පිරිස සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාද සමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.