ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රීලනිප විවේචනවලට එරෙහි ‘සංග්‍රාමය’ ආරම්භ කරනවා – එජාප

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් එල්ල කරන විවේචනවලට එරෙහි ‘සංග්‍රාමය’ මෙතැන් පටන් ආරම්භ කරන බවත් යහපාලන ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්නට  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සමහර  ඇමැතිවරුන් ක්‍රියා කරතියි  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (9) සිරිකොත මාධ්‍ය හමුවේ දී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද විසඳා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් බැවින් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂයට දොස් නැගීම කිසිසේත්ම සාධාරණ නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළහ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස් මෑතදී එල්ල කළ චෝදනා කෙරෙහි මාධ්‍ය හමුවේ ප්‍රධාන අවධානය පළ වී තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කළේ සිය පක්ෂය බව සිහිපත් කළ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා, “එක එක් කෙනා ජනප්‍රිය වෙන්න නිර්මාණය කරන,” පුවත් වෙනුවෙන් සිය ගරුත්වය නැති කර ගැනීමට සූදානමක් නොමැති බවත් සඳහන් කළේය.

වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර හොබවන ඇතැමුන් ජනාධිපතිවරයා අවමානයට ලක් කරද්දී ඔහු ආරක්ෂා කළේ සිය පක්ෂය බව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද විසඳා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීමක් බවයි.

පසුගිය ජනපතිවරණයේදී කිසියම් ලෙසකින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් ඩිලාන් පෙරේරා ඇමතිවරයාට මේ ආකාරයෙන් නිදහසේ අදහස් පළකිරීමට අවස්ථාව සැලසෙනු ඇති දැයි මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

වීඩියෝ