මොරටුව විශ්වවිද්‍යාල සිසුන් අයවැයට එරෙහිව උද්ඝෝෂණය කරයි.
මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ(08) දින විරෝධතා උද්ඝෝෂණයක්, පෙත්සම් සහ බැනරක් අත්සන් කිරීමක් මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් පැවැත්විය. මොරටුව විශ්වවිද්‍යාලයට 2016 අයවැයේදී වෙන්කළ මුදලට වඩා 2017දී මිලියන 450ක් කපා දමා ඇති අතර එමෙන්ම අයවැයෙන් විශ්වවිද්‍යාලය පද්ධතිය තුලද මෙලෙස මුදල් කපා දමා ඇති තත්වයක් තුල උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදුව වහා නවතනු..! අධ්‍යාපනයට 6%ක් වෙන් කරනු…! ලෙස ආණ්ඩුවට බල කරමින් මේ විරෝධතාව විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ආචාර්යවරුන් , අනධ්‍යන වෘත්තිය සමිති වලද සහයෝගය ලබාගනිමින් සංවිධානය කර තිබිනි.




