ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අයියා පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී..! මල්ලී ඩුබායි හිරගෙදරින් නිදහස්..!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන් තොටුපලේ ආගමන විගමන නිළධාරීන් විසින් අත්අඩංගුවේ රඳවාගෙන සිටි කෝටිපති ව්‍යාපාරික උපාලි ධර්මදාස මහතා, සිය සොයුරා වන ජයන්ත ධර්මදාස විසින් ආගමන විගමන පාලක වෙත කර තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් නිදහස් කර තිබේ. ඔහු මේ වනවිට නැවත ශ්‍රී ලංකාව කරා පැමිණ ඇතැයි වාර්තා වේ.

 උපාලි ධර්මදාස මහතාගේ නීතිඥයා වන ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඩුබායි වෙත ගොස් ඔහුගේ සේවාදායකයාව කොළඹ දිසා අධිකරණයේ ජයන්ත ධර්මදාස මහතාට එරෙහිව පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීමට කැමති කරවාගෙන තිබේ. ඒ බව ජයන්ත ධර්මදාස මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් තම පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබේ.
නැසීගිය ප්‍රකට ව්‍යපාරික එච්.කේ. ධර්මදාස මහතා, තමාට වඩා තම මල්ලී වන උපාලිට දේපල බෙදීමේදී වැඩි සැලකිල්ලක් දක්වා ඇතැයි කියමින් ජයන්ත ධර්මදාස මහතා දේපල සම්බන්ධයෙන් හබ කරමින් සිටී.උපාලි ධර්මදාස මේ වනවිට සිය සොයුරු ජයන්ත ධර්මදාසට විරුද්ධව අධිකරණයේ නඩු 05 ක් පමණ ගොනුකර ඇත.

Comments are closed.