බැඳුම්කර වංචාව වැසීමේ කුමන්ත්රණයට සිරස සහය, රංගා – අර්ජුන් හමුවේ.
බැඳුම්කර වංචාව යට ගැසීමේ කුමන්ත්රණය සඳහා මාධ්ය හා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එකතු කරගැනීමේ අර්ජුන් මහේන්ද්රන් මෙහෙයුමේ කොටසක් ලෙස ජේ ශ්රී රංගා මහතා හා අර්ජුන් මහේන්ද්රන් අතර හමුවක් පසුගිය 8-9 දිනවලදී සිදුවී ඇති බව අපගේ තොරතුරු සේවයට වාර්තා වේ. ඔවුන් දෙදෙනා මෙලෙස මුන ගැසී ඇත්තේ ත්රීකුණාමලයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් වන මාලු මාලු හෝටලය තුලදීය. ඔහුන් දෙදෙනා මේ දින දෙකේ එම හෝටලයේ රැඳී සිට ඇති අතර ඔවුන් හමුවීමට විවිධ පුද්ගලයන් පැමිණ ඇති බවද වාර්තා වේ. ඒ අතර අර්ජුන් මහේන්ද්රන්ගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් සහ සිරස ආයතනයේ ප්රධානීන් කිහිප දෙනෙක්ද පැමිණ තිබේ.