යාපනයේ ‘ආවා ගෘෘප්’ හැදුවේ මහින්ද…!
යාපනය තුළ ‘ආවා’ නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇත.
මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලදීය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇති බව කියවේ. එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ ‘ආවා’ කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක් යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්රියාත්මක වන බවයි. 2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බව වාර්තාවිය.
මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ වන විට යාපනය තුළ ‘ආවා’ නමින් අපරාධ කල්ලියක් යතුරුපැදිවලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබීම සිදුකර ඇති බවත් දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක මහතා පැවසිය.
යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි. ‘ආවා’ කල්ලිය ප්රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවැසීය.
Comments are closed.