රතන හිමි හෙළ උරුමයෙන් දොට්ට
පසුගිය කාලය පුරාම අතුරලියේ රතන හිමි එජාපය සමග සමීපව ගණුදෙනු කිරීම හේතුවෙන් හෙළඋරුමයෙන් නෙරපා දමා ඇතැයි වාර්තා වේ. පසුගිය දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පවත්වන්නට යෙදුනු හෙළ උරුම සමුළුවේදී ද කිසිම තනතුරක් ලබා නොදී මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව රතන හිමියන් නෙරපා දමා ඇත. දැනට වසර කිහිපයක සිට රතන හිමියන් එජාපය සමග සමීප ගණුදෙනුවක් පවත්වාගෙන යමින් පක්ෂයේ තීන්දු තීරණ වලට අවනත නොවී තම අභිමතය පරිදි කටයුතු කිරීම හේතුකොටගෙන මෙම තත්ත්වය උද්ගත වී ඇත.
විශේෂයෙන්ම පක්ෂයේ මධ්‍යමකාරක සභාව තුල මේ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද පසුගිය කාරක සභා අවස්ථා කිහිපයකදීම පැවති අතර නමුත් අවසන් එකගතාවයකට පැමිණීමට නොහැකි වී ඇත. රතන හිමියන් පක්ෂයේ න්‍යාය පත්‍රයෙන් බැහැරව තමන්ට සිතැඟි හා තම ව්‍යාපෘතිවලට මූලිකත්වය දෙමින් පක්ෂ වැඩ කටයුතු වලින් බැහැරව කටයුතු කිරීම සම්බන්ධයෙන් හා එම වැඩකටයුතු පක්ෂයේ මතය හා ගැටීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවේදී උන්වහන්සේට චෝදනා එල්ල විය. එම අවස්ථාවන් වලදී ඒවා පිළිගත්තද ප්‍රායෝගිකත්වයේදී නැවත පක්ෂයට ද්‍රෝහී වීමක් සිදු කිරීම දිගින් දිගටම දරා සිටිය නොහැකි බව මධ්‍යම කාරක සභාවේ බහුතරයකගේ මතය වී තිබේ.
මේ වන විට රතන හිමියන් හෙළ උරුමයෙන් ඉවත් කිරීමෙන් පසු පිවිතුරු හෙටක් සංවිධානය හා බද්ධ වී වැඩ කටයුතු කරමින් සිටී. යහපාලන ආණ්ඩුව සමගද යම් යම් මත ගැටුම් මේ වන විටත් රතන හිමියන් විසින් ගොඩ නගාගෙන ඇති අතර ඒ සඳහා හෙළ උරුමය පාර්ශයෙන්ද යම් බලපෑමක් සිදුවෙමින් තිබේ.