මහින්දගේ අලුත් පක්ෂයටත් නැකැත් යෝග හරස්වෙයි..!
මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් හදන්නට යන අලුත් දේශපාලන පක්ෂයට නමක් ලබාදීම ජ්යොතිෂ ගැටලුවක් නිසා පමා වී තිබේ.
මුලින්ම මේ සදහා ඉදිරිපත් වූ නම වී තිබුනේ අපේ ශ්රී ලංකා නිදහස් පෙරමුණය. මේ නමේ ගණ ගැලපීමේ ගැටලුවක් ඇතිබව ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ජෝතීර්වේදීන්ද විසින්ද පෙන්වා දීමෙන් අනතුරුව එම නම ඉදිරියට රැගෙන යෑම වලකනු ලැබීය.
එබැවින් මෙතෙක් භාවිත කළ අපේ ශ්රී ලංකා නිදහස් පෙරමුණ නම වෙනස් කර මහින්ද රාජපක්ෂගේ නැකැත් යෝගවලට ගැලපෙන විශිෂ්ට නමක් නිර්මාණය කරන්නට ජ්යොතිෂ මණ්ඩලයකට භාර දී ඇතැයි පැවසේ. එසේ නිර්මාණය කරගන්නා නම ඉන්දියාවේ ඉහළපෙළේ දෛවඥයෙකුට පෙන්වා අනුමැතිය ලබාගත යුතු බවට එකාබද්ධ විපක්ෂය විසින් තීන්දු කර තිබේ.