බර්ටිගෙ දානෙට උඩුවේ හිමිගේ බණක්
බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාළාව සඳහා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනාවක්ද ඇතුලත් කර තිබේ. මෙම වැඩසටහන සඳහා ආරාධනා කර ඇත්තේ බර්ටි දිසානායක මහතාගේ පුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දුම්න්ද දිසානායක මහතා විසිනි.
කෙසේ වුවද මහින්ද රාජපක්ෂගේ ඉතා ළඟ හිතවතෙකු මෙන්ම අලි හොරකමක් සම්බන්ධව ඇප මත නිදහස්ව සිටින මෙම හිමියන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියෙකු විසින් ධර්ම දේශනාවකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
