ඩේසි ආච්චිගේ ඉඩම මැනීමට සහාය නොදුන් යෝෂිතට FCID වරෙන්තුවක් ඉල්ලයි..!
අධිකරණයෙන් දුන් නියෝගයකට අනුව ඊයේ (20) දෙහිවල මිහිදු මාවතේ පිහිටි යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම සහ නිවස මැනීමට ගිය FCID නිලධාරීන්ට යෝෂිත හා ඔහුගේ මිත්තනිය වන ඩේසි ආච්චි ඒ සඳහා සහයෝගය ලබා දී නැත.
උදෑසන 9.00ට පමණ එම ස්ථානයට ගිය FCID පොලිස් පරීක්ෂක සි.ඒ.පී. වීරරත්න මහතා සහ රජයේ මිණිනිදෝරු කණ්ඩායම පෙරවරු 11.30 පසුවන තෙක් එම ස්ථානයේ රැඳි සිටියද කිසිවෙක් පැමිණයේ නැත. පොලිස් මුල්ය අපරාධ කොට්ඨාසයේ නිළධාරියා විසින් යෝෂිත රාජපක්ෂ මහතාගේ නිතිඥයින් සම්බන්ධ කර ගත්ත ඔවුන්ගෙන්ද නිශ්චිත ප්රතිචාරයක් නොලැබුණ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය මෙම තත්වය සම්බන්ධයෙන් අද (21) දිනයේ ඇපකොන්දේසි කඩ කිරීම යටතේ අධිකරණයට කරුණු දැක්වීමට නියමිතය. පරීක්ෂණ කටයුතු සඳහා යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනිය (ඩේසි ආච්චි) සහාය ලබා නොදීම හේතුවෙන් ඔවුන්ගේ ඇප අහෝසි කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ගල්කිස්සේ පිහිටි මෙම ඉඩම සහිත නිවස රුපියල් මිලියන 24 වටිනා අතර එය ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් විසින් තෑගි කරණු ලැබුවක් ලෙසයි ලියාපංදි කර ඇත්තේ.
Comments are closed.