කෝප් සාමාජිකයන් අර්ජුන් මහේන්ද්රන් වංචාකාරයෙක් ලෙස නම් කළ යුතුයි..!
ලක්ෂමන් කිරිඇල්ල අමාත්යවරයා පසුගිය සති අන්තයේ පුවත්පතකට පවසා සිටියේ අර්ජුන් මහේන්ද්රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව බෙදුණු වාර්තාවක් වෙන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ “මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කරන කෝප් කමිටුවේ සාමාජිකයන් ඔහුගේ දේශපාලනය හා ඔහුගේ පෞද්ගලිකත්වය ගැන නොසලකා ඔහු වංචාකාරයෙක් ලෙස නම් කළ යුතු බවයි.
අර්ජුන් මහේන්ද්රන් මහතා නිවැරදිකරුවෙක් වන්නේ නම් ඔහු වරදකරුවෙකු කිරීමේ අවශ්යතාවක් අපට නැහැ. කෝප් කමිටු සාමාජිකයන් පක්ෂ බේදයකින් තොරව මෙම පරීක්ෂණ සඳහා සහය දිය යුතුයි. මම දන්න විදිහට හිටපු මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු ඉවත් කිරීම සඳහා දිගු අරගලයක් රට තුළ ගෙන ගියා.
දේශපාලකයා සැබෑ මහජන නියෝජිතයෙකු වන්නේ හොරු ආරක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් නොව කවුරුන් හෝ සුළු හෝ වංචාවක් කර තිබේ නම් ඔවුන්ට දඬුවම් දීමට ක්රියා කිරීමෙන් බවත්, නොඑසේනම් දේශපාලකයන්ට ජනතාව දඬුවම් දෙන බවත් සිහිතබා ගත යුතුයි.”