ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බැසිල්ට එරෙහි තවත් නඩුවක් ජුනි මාසයට කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවක වැඩිදුර විභාගය ලබන ජුනි මස 1 වන දා දක්වා අද කල් තැබුණා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැදවූ අවස්ථාවේදියි.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 37කට ආසන්න මුදලක් වැය කර ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.