ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

ඇමති ප්‍රසන්නට සහ බිරිඳට එරෙහි මිලියන 64 අල්ලස් නඩුව ජූනි 02 විභාගයට

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග, බිරිඳගේ ඥාති සොයුරකු වන නරේෂ් ෆාරික් නමැති අයෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 02 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඊයේ (18) දින නියෝග නිකුත් කරන ලදි.

2015 වසරේදී කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍ය කටයුතු ඉටුකරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍යවරයා ඇතුළු පිරිසට මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විත්තියේ නීතිඥවරයා සඳහන් කළේ විත්තිය වෙනුවෙන් තමන් එක් සාක්ෂිකරුවකු කැඳවීමට අපේක්ෂා කරන බවයි. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචක ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටින ලදි.

මෙම නඩුව දෙසැම්බර් මස 11 වැනිදා විභාගයට කැඳවීමට නියමිතව තිබුණත් කොළඹ මහාධිකරණ කලාපයේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් නඩු විභාගය කල් දැමීමට සිදු වූ බව විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේදී සඳහන් කරන ලදි.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු ලෙස නම්කර සිටින නරේෂ ෆාරික් නමැත්තා මේ වනවිට අධිකරණය මගහැර විදේශයකට පලාගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද අධිකරණය තීරණය කර තිබේ.