ColomboXnews

News | Gossip | Political | Entertainment

SliderSports

චමින්ද වාස් ජාතික පිල සමග යළි එක්වේ

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් පත්කර තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සිටි ඩේවිඩ් සකර් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම පත්වීම සිදුකර ඇත.

සකර් 2019 දෙසැම්බර් මාසයේ සිට එම ධුරය හෙබවීය.

ජාතික සංචිතය පෙබරවාරි 23 වන දින බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට නියමිතය.