ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඔවුන් හිතාගෙන ඉන්නේ ගහලා, බැනලා, මරලා මන්ත්‍රී ධුරය ගන්න.. මන්ත්‍රී ධුරය තීරණය කිරීමේ බලය මා සතුයි – අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් (වීඩියෝ)

සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පළමුව තමා පත්ව ඉල්ලා අස්වීමෙන් අනතුරුව එය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීමට සූදානම් බව අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසයි.

මහ ලේකම් හිමියන් මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමිනි.

එම වීඩියෝව ඔස්සේ අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේ ද පැවසීය.

“මන්ත්‍රී ධුරය ගලවගන්න හදන්නේ..කුමන්ත්‍රණයක් මේක..රතන හිමි අපේ ගුරුතුමා..ඥානසාර හිමි ජාතික සටනට කැපවුණා..උන්වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ..”

“ඒ පාර වහන්න හදන්නේ..වෙන අයෙක් දාන්න උත්සාහයක්..මන්ත්‍ රීධුරය තීරණය කිරීමේ බලය මා සතුයි..පන්සලේ බලය ඇල්ලුවා..ඉන්න තැනක් නැහැ..මට කාර්යාලයක් නැහැ..හාමුදුරුවන්ට ගැහුවා..පොලීසිය ක්‍රියාත්මක වුණේ නැහැ..”

“අද අරඹේපොල රතනසාර හිමි සිර අඩස්සියේ.. සභාපති සඟවාගෙන පහරදීලා..වෙන කෙනෙකුට දෙනවා කිව්වොත් පිළිගන්න එපා..මම විධිමත් ලිපියක් දීලා තියෙනවා..මන්ත්‍රීධුරය මා අතට පත්වෙන්නේ..පසුව ඉල්ලා අස්වෙලා ඥානසාර හිමිට දෙනවා..”

“ඒකට රතන හිමියන්ගේ කැමැත්ත අවශ්‍යයි..ඥානසාර හිමි කැමතිනම් අද වුණත් මන්ත්‍රීධුරය රතන හිමිට දෙන්න සූදානම්..”

“ඥානසාර හිමියන්ට දෙන්න බැරි උන්වහන්සේගේ නම නැති නිසා කවුරුහරි කෙනෙක් පාර්ලිමේන්තුවට පත්වෙලා ඉල්ලා අස්වෙලා තමයි මේ අමාත්‍ය ධුරය ලබාදිය යුතු වන්නේ..”

“මට කාවවත් මුණගැහෙන්න අදහසක් නැහැ..මොකද ඔවුන් හිතාගෙන ඉන්නේ ගහලා, බැනලා, මරලා මන්ත්‍රී ධුරය ගන්න..”