ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනාධිපති නන්දසේන සැරයන් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව නඩුවක්

ජනාධිපති සමාව යටතේ සැරයන් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය වන මීරා ශ්‍රීනිවාසන් ප්‍රකාශ කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ (21 වැනිදා) දෙමළ භාෂාවෙන් පළ කෙරෙන තිනකුරල් පුවත්පත අදාළ පුවත වාර්තා කර ඇති බවයි.

මෙලෙස සුනිල් රත්නායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි පැවසෙන්නේ ඝාතනයට ලක්වූවා යැයි කියන පුද්ගලයන් අටදෙනාගෙන් එක් අයකුගේ ඥාතියකු විසිනුයි.

2000 වසරේදී යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයන් අටදෙනකු ඝාතනය කළ බවට චෝදනා ලැබ සිර දඬුවම් විඳිමින් සිටි සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ පසුගිය මාර්තු 25 වැනිදා නිදහස ලබාදෙනු ලැබුවා.