හිම වළසුන් හිම දියවීම නිසා ගම්වදී
හිම වළසුන් 50කට වැඩි සංඛ්‍යාවක් රුසියාවේ ආක්ටික් ධ්‍රැවය ආසන්න උතුරු ප්‍රදේශයේ ගම්මානයක් වෙත පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ආක්ටික් ධ්‍රැවයේ හිම දියවීම මෙම තත්වයට හේතු වී ඇති බවයි රුසියානු වනජීවි අංශ සඳහන් කරන්නේ.
අසාමාන්‍ය ලෙස උණුසුම ඉහළ යාම හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල අයිස් මිදීම නැවතී තිබෙනවා.
රුසියාවේ ඊසානදිග කෙළවර පිහිටි චුකෝතා ප්‍රදේශයේ ගම්මානයක් අසල මෙලෙස හිම වළසුන් 56 දෙනෙකු නිරීක්ෂණය කර ඇති බවයි ලෝක වන සත්ව අරමුදල කියා සිටියේ.
මේ නිසා දහසක පමණ ජනගහනයකින් යුත් එම ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව සඳහා නිරන්තර නිරීක්ෂණ සිදුකෙරෙනවා.
ආක්ටික් ප්‍රදේශයේ හිම වලස් – මිනිස් ගැටුම ඉහළ යමින් පවතින බව ද ලෝක වන සත්ව අරමුදල පවසනවා.