ජල පරිභෝජනය ඒකක 15 ට වැඩි නම් බිලත් වැඩි වෙයි !
ඒකක 15 ඉක්මවා මාසිකව ජලය පරිහරණය කරන නිවාස සඳහා ජල ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන නිවාස සඳහා මෙම වැඩිවීම බල නොපාන බවයි ඇමතිවරයා පවසන්නේ.
අද පැවති මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනය කළයුතු වුවත් පසුගිය වසර 06 කාලය තුළ එම සංශෝධන සිදුව නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් එම සංශෝධන සිදුකර නොමැති බව ද ඔහු පවසනවා.
මෙම ජල ගාස්තු ඉහළ දැමීම රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු පොදු ස්ථාන, රෝහල්, කර්මාන්ත ආදියට අදාල නොවන බවයි ඇමතිවරයා පවසන්නේ.