ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගක්

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන් ජනාධිපති ඩොනල්ඩ්ට ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝග චෝදනා කෙටුම්පත් කිරීමට සූදානම් වෙති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ ඩිමොක්‍රැටික් පාක්ෂික මන්ත්‍රීවරුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි චෝදනාවලට අදාළ සාක්ෂි ගොනු කිරීමට ද පියවර ගෙන ඇති බවය.

එසේ වුවහොත් ලබන බ්‍රහස්පතින්දා දින ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයේ ජන්ද විමසීම පවත්වනු ඇති.

ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රතිවාදී ජෝ බයිඩන් ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීම මෙම දෝශාභියෝග විමර්ශනයට මුල්විය.

ජනාධිපති ට්‍රම්ප් ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන තෙක් යුක්‍රේනයට හිමිවිය යුතු යුධ ආධාර අත්හිටවු බව ද සඳහන් වේ.

ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග චෝදනා ගොනුකළ හැකි ව්‍යවස්ථාදායක පදනම පිළිබඳව විමසමින් පිටු 55 කින් යුත් වාර්තාවක් නිකුත් කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ ඩිමොක්‍රැටික් පක්ෂ සභාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති ට්‍රම්ප් කළ වැරදිවලට එකම පිළිතුර ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙනඒම බවයි.

මේ අනුව පෞද්ගලික අරමුණු වෙනුවෙන් බලතළ අවභාවිත කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම සහ මැතිවරණ අක්‍රමිකතා සිදු කිරීමට එරෙහිව ජනාධිපතිවරයාට චෝදනා ගොනු කෙරෙනු ඇති.

මෙම දෝශාභියෝග විමර්ශනයේදී ගොනුකළ සාක්ෂි සලකාබැලීමට හෙට ප්‍රසිද්ධියේ විමසීමක් පැවැත්වීමට ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුව සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම විමර්ශනයෙන් ජනාධිපතිවරයා දෝශාභියෝගයට ලක්කළ යුතු වරදක් සිදුකර ඇතැයි තහවුරු වන සාක්ෂි සොයාගෙන නැතැයි පවසන රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් පවසන්නේ මෙය පදනම් විරහිත චෝදනාවක් බවයි.