ගෝඨාට දුන් කතා බොරු ; මාත් රට පුරා ඇවිදිමින් දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් හොයනවා – මහින්ද
තමන් රට පුරා ඇවිදිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා කවුරුන්දැයි සොයන බවත් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සහාය ලබාදෙන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.
කෙසේවෙතත් පසුගිය සතියේ මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් දියත් වූයේ රාජපක්ෂ පවුල විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන ලද බවටය. මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය අනුව එම පුවත් බොරුවී තිබේ.
(LNW)