ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කෞතුකාගාර නඩුව නොඅසන ලෙස ඉල්ලන ගෝඨාගේ පෙත්සම මැයි 6ට කල් යයි

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් තුන් කෝටි තිස් නව ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතා ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම මැයි 06 වනදා සිදු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (26) නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේම නීතීඥවරයාට වෙනත් නඩුවක් සඳහා සහභාගී වීමට ඇති හෙයින් මෙම පෙත්සම සලකා බැලීම කල් තබන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ එය මැයි 06 වනදා දක්වා කල් තැබිණි.

ඒ, එම රීට් පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි විනිසුරු මඬුල්ල සහ නීතිපතිවරයා නම් කර තිබේ.