NewsSlider විජේදාස රාජපක්ෂ අද(27) ජනාධිපති පරික්ෂණ කොමිසමට කැදවයි. March 27, 2019 Kamal Dhammika පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (27) ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටිමට නියමිතයි. පෙරවරු 11.00ට එම කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙස මන්ත්‍රිවරයාට දැනුම්දී ඇති බව සදහන්. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන සුරක්ෂා රක්ෂණ ක්‍රමය මගින් සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ලකට අදාලව කොමිෂම හමුවේ පෙනී සිටින බවයි වාර්තා වේ. සිසු දරුවන්ට කිසිදු ප්‍රතිලාභයක් නොමැති සුරක්ෂා රක්ෂණ ක්‍රමය මගින් රුපියල් මිලියන 2300ක අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් පසුගිය 07 වනදා මන්ත්‍රීවරයා විසින් අදාල පැමිණිල්ල සිදු කර තිබේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය මූලික විමර්ශන කටයුතු සිදු කිරිමෙන් අනතුරුව සාක්ෂි විභාගය සදහා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස කැඳවා තිබේ. Post Views: 756 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print