NewsSlider ඩුබායිවලින් පිටුවහල් කල අමල් පෙරේරාගේ පුත් නදීමල් ලංකාවේදී නැවතත් අත්අඩංගුවට March 27, 2019 Kamal Dhammika සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු එරටින් පිටුවහල් කර තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ්. 547 දරන ගුවන් යානයෙන් අද(27) උදෑසන 06.15 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඩුබායි අත්අඩංගුවේ පසු වූ නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නිලධාරිවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අය මෙලෙස එරටින් පිටුවහල් කර ඇති අතර ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් මේ වන විට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. Post Views: 773 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print