ෆේස්බුක් හරහා පොලිසියට අපහාස කළ තරුණයෙකු අත්අඩංගුවට
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හා සමස්ත පොලිසියට අපහාසාත්මක වන පරිදි වැකි හා වදන් පල කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පිටිගල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය. ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් අදාල තරුණයා මෙම අපහාසාත්මක වැකි පල කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සැකකාර තරුණයා පොරවගම, නාරන්ඕවිට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහු පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.