ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

ෆේස්බුක් හරහා පොලිසියට අපහාස කළ තරුණයෙකු අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හා සමස්ත පොලිසියට අපහාසාත්මක වන පරිදි වැකි හා වදන් පල කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පිටිගල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය. ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් අදාල තරුණයා මෙම අපහාසාත්මක වැකි පල කර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සැකකාර තරුණයා පොරවගම, නාරන්ඕවිට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහු පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.