NewsSlider මහින්දගේ ගෝලයා ගාමිණී සෙනරත්ගේ මිලියන 500 නඩුව අද සිට දිනපතා විභාගයට November 15, 2018 Kamal Dhammika ලිට්රෝ ගෑස් සමාගමට අයත් රජයේ මුදලින් රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි ගොනු කර ඇති නඩුව අද (15) සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය. ඊයේ (14) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල විසින් මෙම නඩුව 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියෝග කරන ලදී. ඒ අනුව නඩුවේ හතරවන සාක්ෂිකරු ලෙස නම් කරන සිටින ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට සාක්ෂි දීම සඳහා අධිකරණයෙහි පෙනී සිටින මෙන් දන්වා නොතීසි නිකුත් කෙරිණි. 2014 පෙබරවාරි 01 – 2015 ජනවාරි 20 අතර කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගම විසින් කැන්විල් හෝල්ඩිං සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති පුද්ගලික සමාගමක යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සේදර සෙනරත්ට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂක පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන පුද්ගලයින් සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත. Post Views: 869 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print