මහින්දව අගමැති ලෙස පිළිගන්නේ නැහැ – කථානායක පක්ෂ නායකයින්ට සහතික වෙයි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස අද (15) පාර්ලිමේන්තුවේදී පිළිනොගන්නා බවට කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයින්ට සහතික වී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති බව ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කර ඇති අතර ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවද පිළිගත් හෙයින් තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිවරයා ලෙස කටයුතු කළ නොහැකි බවයි පක්ෂ නායකයින් අවධාරණය කර ඇත්තේ.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන් පසු යළි පැවති ආණ්ඩුව බලාත්මක වන බවද එම නියෝජිතයන් පෙන්වා දෙයි.
කෙසේවෙතත් ඊයේ (14) දිනයේදී පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ අසුනේ මහින්ද රාජපක්ෂ මහතා අසුන් ගත් අතර සභානායක අසුනේ සිටියේ දිනේෂ් ගුණවර්ධනය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකතවය ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ මන්ත්‍රීවරුන් 50කට වැඩි පිරිසකගේ මන්ත්‍රීධූරය අහෝසි වීමේ අවදානමක්ද තිබේ.
(ලංකා නිවුස් වෙබ්)