පසුගිය වසර 10ක ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්වෙලා – විගණකාධිපති
රාජ්‍ය අංශයේ ප්‍රතිපත්තියකින් තොරව ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරනවා. විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.